Thursday 18th of June 2026

English Tamil
Advertiesment


අපි නොදත් අධි තාක්ෂණික ශිෂ්ඨාචාරයක් අතීතයේදී පැවතුනාද..?


2025-07-20 14890

 

(සාගර දියගම)

 

ගොබෙක්ලි ටෙපේ

 

1996 වසරේ දවසක, තුර්කියේ සන්ලියුර්ෆා කියන පළාතේ එඬේරෙක් වුණු ෂෙෆර්ඩ් මෙහ්මට් (Shepherd Mehmet) ඔහුගේ බැටළු රංචුවත් එක්ක තණබිම් හොය හොයා ඇවිද්දා. එදා එයා කවුරුත් කාලෙකට නොගිය පෙදෙසකට ඇතුළු වුණා..

දවල් ඉර රැස් වැදිලා පොළොව රත්වෙලා. මෙහ්මට්ට හොඳටම මහන්සියි. පොඩ්ඩක් ඉඳගන්න තැනක් හොයද්දී, එයාගේ ඇහැ ගියේ පොළොවෙන් උඩට නෙරා ආපු අමුතු විශාල ගලක් දිහාට...

"මොකක්ද මේ?" මෙහ්මට් තමන්ටම මුමුණගත්තා.. කුතුහලයට ඒ වටේට පොළොවේ පස් ටිකක් අයින් කරලා බලද්දී, එය හිතුවට වඩා ලොකු දෙයක් බව එයාට තේරුණා.

"දෙවියනේ මේක පුදුම විදිහට හැඩ කරපු ගලක්!" එයාගේ ඔලුවේ එකපාරටම ආවේ, මේක සාමාන්‍ය ගලක් නෙවෙයි, කවුරුහරි හදපු à¶‘à¶šà¶šà·Š! කියන අදහස.

අහිංසක පුරවැසියෙක් වුණ මෙහ්මට් මේ ගැන වහාම සන්ලියුර්ෆා කෞතුකාගාරයට දැනුම් දුන්නා. කෞතුකාගාර à¶…à¶°à·Š‍යක්ෂවරයා වුණු මුසාවෝ ඕසෝල් (Muzaffer Özsül), මෙහ්මට් කියපු දේට මුලින් ලොකුවට ගණන් ගත්තේ නැහැ. මොකද ඔහොම කතා නිතරම අහන්න ලැබෙන නිසා, මුසාවෝ හිතුවේ මේකත් සාමාන්‍ය පිහිටීමක් වෙන්න ඇති කියලා.

ඒත් මෙහ්මට් අත්හැරියේ නැහැ...

"අනේ සර්, මේක ඇත්තටම වෙනස් දෙයක්. ගිහින් බලන්නකෝ!" ඔහු දැඩිව ඉල්ලුවා.

මෙහ්මට්ගේ නොපසුබට උත්සාහය නිසා, මුසාවෝ අකමැත්තෙන් වගේ ඔහුත් එක්ක ඒ ස්ථානයට යන්න තීරණය කළා. එතනට ගියාම මුසාවෝගේ ඇස් උඩ ගියා...

"දෙයියනේ... මේක නම් පුදුම දෙයක්!" ඔහු පුදුමයෙන් කෑ ගැහුවා. ඔහු දැක්කේ අඩි 19ක් විතර උස, හරියටම කැපූ දාර සහිත, අමුතු සතෙකුගේ කැටයමක් සහිත යෝධ ගල් කණුවක්.

මේක සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ඔහුට වහාම තේරුණා. මුසාවෝ හරහා මේ තොරතුරු ජර්මානු පුරාවිද්‍යා ආයතනයට දැනගන්න ලැබුණා. ඔවුන්ගේ à¶´à·Š‍රමුඛ පුරාවිද්‍යාඥයෙක් වුණු ක්ලවුස් ෂ්මිඩ් (Klaus Schmidt) මේ ස්ථානයට ආවා. ඔහුත් මේ ස්ථානය දැකල පුදුම වුණා. "මේක පුදුමාකාර තැනක්! මේ පුරාණ ශිෂ්ටාචාරයක්!" ෂ්මිඩ් උද්යෝගයෙන් à¶šà·‘ ගැහුවා.

"මේ ගල් à¶šà¶«à·” තියලා තියෙන විදිහ... මේ කැටයම්... මේවා සාමාන්‍ය දඩයම්කරුවන්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි."

ඔන්න එතනින් පස්සේ තමයි "ගොබෙක්ලි ටෙපේ" කියල අද කියන à¶’ අද්විතීය පුරාවිද්‍යා භූමියේ මහා පරිමාණ කැණීම් පටන් ගත්තේ. අවුරුදු 13à¶šà¶§ වැඩි කාලයක් පුරා මේ ස්ථානය ඉතා සියුම්ව à¶…à¶°à·Š‍යයනය කළා. මේ කැණීම් වලින් සොයාගත්තා ඒවා අවුරුදු 12,000à¶šà¶§à¶­à·Š වඩා පැරණි à¶¶à·€.

ඒ කියන්නේ මෙසපොතේමියාවේ ශිෂ්ටාචාරයටත් වඩා අවුරුදු 7,000කට ආසන්න කාලයක් පැරණියි! නිකම්ම නිකම් එඬේරෙක් දැක්ක ගලකින් පටන් ගත්ත මේ ගමන, අද වෙද්දි මුළු මානව ඉතිහාසය ගැන තියෙන අපේ අදහස් වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා...

එතැන අඩි 18ක් තරම් උස හුණුගල් කණු, පුදුමාකාර විදිහට ඔප දාලා සුමට කරලා තියෙනවා. මේවා එවකට තිබුණු කිසිම තාක්ෂණයකට ගැලපෙන්නේ නැහැ, භූ-චුම්බක විශ්ලේෂණ අනුව භූගතව තවත් විශාල වෘත්තාකාර ගොඩනැගිලි 20ක් වත් තියෙනවා කියලා හෙළි වෙලා තියෙනවා. මේවායින් භාගයක්වත් තවම කැනීම් කරලා නැහැ.

මේ වගේ අතිවිශාල නිර්මාණ දඩයම් යුගයේ මිනිසුන් විසින් සිදු කළා කියන à¶‘à¶š විශ්වාස කරන්න අමාරුයි. සමහර විද්වතුන් යෝජනා කරන්නේ, යන්ගර් à¶©à·Š‍රයස් (Younger Dryas) කාලපරිච්ඡේදය වගේ ලෝක ව්‍යාප්ත ව්‍යසනයකින් විනාශ වුණු, ඉතා දියුණු ශිෂ්ටාචාරයක් මේවා ඉදි කරන්නට ඇති කියලයි.

වැදගත්ම දේ තමයි, මේ ගොබෙක්ලි ටෙපේ කැණීම් කරලා අවුරුදු 13 à¶šà·Š වුණත්, ඒවා නිර්මාණය à¶šà·… එකදු මෙවලමක්වත්, ගොවිතැන් කරන උපකරණයක්වත් හමු වෙලා නැහැ. එහෙනම් මේ තරම් නිරවද්‍යව ගල් à¶šà¶«à·” හැදුවේ කොහොමද? මේ à¶´à·Š‍රශ්නයට තවමත් පිළිතුරක් නැහැ.

 

කුස්කෝ

 

පේරු දේශයේ ඇන්ඩීස් කඳුකරයේ පිහිටා ඇති කුස්කෝ කියන පුරාණ ඉන්කා ශිෂ්ටාචාරයේ අගනුවර, ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් එනකල්ම අවුරුදු 300à¶šà¶§ වඩා වැඩි කාලයක් සමෘද්ධිමත්ව පැවතුණා. à¶’ කුස්කෝ නගරයට උඩින්, à¶…à¶©à·’ 12,000 à¶šà¶§à¶­à·Š වඩා උසකින් පිහිටලා තියෙන සාක්සේවාමන් (Sacsayhuaman) කියන දැවැන්ත බලකොටුව ඉන්කාවරුන්ටත් වඩා පැරණි රහස් සඟවාගෙන ඉන්නවා කියලා විශ්වාස කරනවා...

බොහෝ දෙනෙක් කියන්නේ ඉන්කා නිර්මාණ ඇත්තටම 'අදියර දෙකක' ඉදිකිරීම් බවයි. à¶’ කියන්නේ ඉන්කා ව්‍යුහයන් ඉදිකරලා තියෙන්නේ නාඳුනන සම්භවයක් ඇති, ඉතා පැරණි ගල් කැටයම් සහ මෙගලිතික ව්‍යුහයන් මත!

සාක්සේවාමන්'à·„à·’ තියෙන ගල් වැඩ පුදුම සහගතයි. සමහර ගල් ටොන් සිය ගණනක් බරයි. ඒවා ඉන්කාවරුන්ට කලින් සිටි "කිල්කේ" (Kilke) කියන අභිරහස් සංස්කෘතිය විසින් හදන්න ඇති කියලා සමහරු කියනවා. à¶’à¶­à·Š ඉන්කාවරුන්ගේ ජනප්‍රවාද නම් කියන්නේ à¶’ ස්ථානය හැදුවේ අහසින් ආපු, "විරාකෝචා" Viracocha කියලා හඳුන්වන ඉතා බලසම්පන්න දෙවියෙක් විසින් නායකත්වය දුන්නු, පැරණි, නාඳුනන ජාතියක් කියල. විරාකෝචා දකුණු ඇමරිකානු ආදී ජනතාවට තාක්ෂණය ලබා දුන්නා කියලා ඔවුන් කියනවා.. එතකොට 'විරාකෝචා' කියන්නේ පිටසක්වල ලෝකයකින් ආපු කෙනෙක්ද?

මොකද සාක්සේවාමන් වගේ ස්ථානවල තියෙන, දැවැන්ත ග්‍රැනයිට් නිර්මාණ සහ ඒවා à¶´à·Š‍රවාහනයට අවශ්‍ය වූ à¶…à¶°à·’ තාක්ෂණික මෙවලම් ගැන à¶…à¶´à¶§ à¶´à·Š‍රශ්න මතුවෙනවා. ග්‍රැනයිට් කියන්නේ ෆෙල්ඩ්ස්පාර්, මයිකා, ක්වාර්ට්ස් වැනි ඛනිජ වලින් හැදුණු ඉතා තද ගලක්. මේවා වෙන් කරන්න නම් දියමන්ති වගේ ඉතා තද මෙවලම් à¶•à¶± වෙනවා. මේ වගේ තාක්ෂණයක් අවුරුදු දහස් ගණනකට කලින් කොහොමද තිබුණේ? ඇත්තටම මේ à¶´à·Š‍රශ්නයට තාමත් පැහැදිලි පිළිතුරක් නැහැ.

 

නාන් මාඩෝල්

 

1836 ජනවාරි මාසයේ දවසක à¶¶à·Š‍රිතාන්‍ය නෞකාවක් මයික්‍රොනීසියාවේ, පොන්පෙයි (Pohnpei) කියන දූපතේ වෙරළට ආවා..

ඈතින් මුහුදේ සුළං හඬ මිස වෙනත් ශබ්දයක් නැහැ. "ලැම්ප්ටන්" නෞකාව පොන්පෙයි දූපතේ වෙරළට ළංවෙනවා. නැවේ වෛද්‍යවරයා, ආචාර්ය කැම්බල්, තට්ටුවේ ඉඳන් ඈත දිහා බලාගෙන හිටියා. පොන්පෙයි කියන්නේ පුංචි දූපතක්. à¶’à¶­à·Š, ඈතින් පෙනෙන දසුන ඔහුගේ ඇස් ඇදගත්තා. දූවේ ගිනිකොණ දිග වෙරළ තීරය දිගේ, මුහුදෙන් ඉහළට නැගී සිටින අමුතු ගල් ව්‍යුහයන් පේළියක්.

"ඩොක්ටර්, මොනවද බලන්නේ?" නැවේ කපිතාන් ඇහුවා.

කැම්බල් සිනාසුණා. "කප්ටන්, බලන්න අර මුහුදෙන් මතුවෙන දේ. ඒක පුදුමයි! මට හිතෙන්නේ නැහැ ඒක සොබාදහමේ නිර්මාණයක් කියලා. ඒවා ඊජිප්තුවේ තියෙන පිරමීඩ වගේ.."

කපිතාන්ගේ මුහුණේ පුදුමය පෙනුණා. "ඊජිප්තු පිරමීඩ මෙහෙ? මේ පොන්පෙයි කියන්නේ, ලෝකේ කෙළවරක් වගේ තැනක් නේ!"

"à¶’à¶­à·Š මේ බලන්න! මේ දැවැන්ත ගල්? මේවා කොහොමද මෙතනට ආවේ? මේවා කොච්චර පරණද?" කැම්බල්ගේ à·„à·’à¶­ පුදුම à¶´à·Š‍රශ්න වලින් පිරී ගියා. මෙසේ නැවේ ශල්‍ය වෛද්‍යවරයා වෙච්ච ආචාර්ය කැම්බල්, දූපතේ ගිනිකොණ දිග වෙරළ අසල තිබුණු දැවැන්ත ගල් නිර්මාණ ගැන සටහන් කරලා තියෙනවා.

එදා ඔහුට දැනුණේ පුදුමයක් විතරක් නෙවෙයි. මහත් භක්තියක් හා ගෞරවයක්. කවුරුහරි මිනිස්සු මේ දැවැන්ත නිර්මාණය කරන්න ඇති. ඔවුන්ගේ වෙහෙස, කැපවීම ඔහුට නොපෙනුණත්, ඒ ගල් කණු දිහා බලන කොට ඔහුට ඒ මිනිසුන්ගේ අධිෂ්ඨානය දැනුණා. තම සටහන් පොතේ, කැම්බල් මෙහෙම ලිව්වා,

"මේවා ඊජිප්තු පිරමීඩ තරම්ම පැරණි විය හැකියි. මේවා ඉදිකළ මිනිසුන් කවුරුන් වුවත්, ඔවුන් අතිවිශාල ශක්තියක් සහ දැනුමක් ඇති පිරිසක් විය යුතුයි. මේ දැවැන්ත මුහුදු පතුලේ නගරය, අපි නොදන්නා ඉතිහාසයක සාක්ෂියක්."

මේ à¶…à¶´à·’ කතා à¶šà·…à·š පැසිපික් සාගරයේ තියෙන යෝධ කොරල්පරයක් මත මිනිසා විසින් නිර්මාණය à¶šà·… ගොඩනැගිලි සංකීර්ණයක් ගැන! මේ ස්ථානය පසුව නාන් මාඩෝල් (Nan Madol) කියලා à¶´à·Š‍රසිද්ධ වුණා. නාන් මාඩෝල් හදන්න ගල් ටොන් මිලියන 250à¶šà·Š විතර පාවිච්චි කරලා තියෙනවා. පැසිෆික් සාගරය මැද මෙවැනි "දැවැන්ත නගරයක්" ගොඩනැගීමේ අරමුණ කුමක්ද ? හා මෙය සෑදූ අය කවුද? à¶‘à¶š අදටත් අභිරහසක්..

 

ගව්රිනාස් සොහොන් ගැබ

 

à¶´à·Š‍රංශයේ, à¶¶à·Š‍රිටනි වෙරළ තීරයේ, මෝර්බිහාන් බොක්කේ තියෙන පුංචි දූපතක් තමයි ගව්රිනාස්. මේ දූපතේ මීට අවුරුදු 5,500 à¶šà¶§ කලින්, à¶šà·Š‍රි.à¶´à·–. 3500 දී විතර හදපු "ගව්රිනාස් සොහොන් ගැබ" කියලා හඳුන්ව ඉදිකිරීමක නටබුන් තියෙනවා. ගව්රිනාස්හි තියෙන විශේෂත්වය තමයි, මේ යෝධ ගල් පුවරුවල කැටයම් කරලා තියෙන සුළි, à¶…à¶­à·Š පොරෝ සහ ඇඟිලි සලකුණු වගේ රූප.

ගණිතඥයන් මේ කැටයම් à¶…à¶°à·Š‍යයනය කරලා තියෙනවා. ඔවුන් හොයාගෙන තියෙනවා මේ කැටයම්වල සැඟවුණු ගණිතමය පණිවිඩ තියෙනවා කියලා. මොකද මේ ගල් තියලා තියෙන්නේ අහඹු විදිහට නෙවෙයි ගණිතය පිළිබඳව තිබුණු දැනුම සහ අවබෝධය අනුවයි. මේ සොහොන් ගැබ හදන්න මෙගලිතික ගල් 52à¶šà·Š පාවිච්චි කරලා තියෙනවා. මේවායින් 26à¶šà·Š අමුතුම සංකේත වලින් කැටයම් කරලා. පර්යේෂකයන් මේ සංකේත ගල්වල සංඛ්‍යාත්මක වටිනාකම් සමඟ à¶‘à¶šà¶­à·” කරලා, බෙදලා, ගුණ කරලා බැලුවාම, ඔවුන්ට පුදුමාකාර දේවල් හමු වුණා.

ඔවුන් මේ කැටයම් තුළින් පෘථිවියේ නියම ගෝලාකාර à¶´à·Š‍රමාණය, අවුරුද්දක දින ගණන සහ "පයි" (π) කියන ගණිතමය නියතය හොයාගෙන තියෙනවා.

ඔයාලා දන්නවා ඇති, π කියන්නේ හැම වෘත්තයකටම පොදු මූලික ගුණාංගයක්. à¶’à¶š වෘත්තයක පරිධිය සහ විෂ්කම්භය à¶…à¶­à¶» අනුපාතය. මේ පුරාණ ගණිතඥයන් π à·„à·’ අගය නිල වශයෙන් සොයාගන්නටත් බොහෝ කලකට පෙර එය නිශ්චිතවම දැනගෙන හිටියා කියලා මේ කැටයම් වලින් හෙළි වෙනවා. මේක ඇත්තටම සිතාගන්න බැරි දෙයක්!

අවුරුදු 5,000 à¶šà¶§à¶­à·Š එහා ඉතිහාසයකට අයිති ගව්රිනාස් වලින් හමුවුණු මේ නිරවද්‍ය ගණිත දැනුම, සහ à¶’ නිර්මාණකරුවන් අනාගත පරම්පරාවට යම් රහස් කේතයක් කියන අදහස තහවුරු කරනවාද? එහෙම නම් ඔවුන් à¶…à¶´à·’à¶§ කියන්න උත්සාහ à¶šà·…à·š මොකක්ද?

 

එල් කරකොල් නිරීක්ෂණාගාරය

 

මෙක්සිකෝවේ යුකැටන් à¶´à·Š‍රාන්තයේ, පුරාණ මායා නගරයක් වන චිචෙන් ඉට්සා (Chichen Itza) නටබුන් පිහිටා තියෙනවා. à¶‘à·„à·’ ඇති à¶‘à¶šà·Š දෙයක් තමයි මායාවරුන් එල් කරකොල් නිරීක්ෂණාගාරය (El Caracol Observatory) ලෙස à¶´à·Š‍රසිද්ධ අද්භූත ගොඩනැගිල්ල!

à¶‘à·„à·’ à¶…à·„à·ƒ නිරීක්ෂණ ස්ථාන ලෙස භාවිතා à¶šà·… හැකි කවුළු හතරක් à¶­à·’à¶¶à·– à¶…à¶­à¶», ඉහළින් ද කවුළු රාශියක් තිබුණා, දැන් ඒවායින් බොහොමයක් කඩා වැටිලා. à¶’ කවුළු වලින් ඉතිරි වෙලා තියෙන්නේ දෙකක් විතරයි. මේවා හිරු නිරීක්ෂණයට සහ සමහරවිට සඳ නිරීක්ෂණයට භාවිතා කරලා තියෙනවා. තාරකා සහ ග්‍රහලෝක නිරික්ෂණය සඳහාත් ඒවා භාවිතා කරන්නට ඇති කියලා ඉඟි තියෙනවා.

මායාවරු විශේෂයෙන් සිකුරු ග්‍රහයා, සඳෙහි චන්ද්‍à¶» කලා සහ ග්‍රහණ නිරීක්ෂණය කරලා තියෙනවා. ඔවුන්ගේ නිරීක්ෂණ වාර්තා තියෙන නිසා මේ à¶¶à·€ දන්නවා. බොහෝ පර්යේෂකයන් à¶‘à¶šà¶Ÿ වෙනවා, à¶šà·Š‍රි.à·€. 250 සිට 900 à¶…à¶­à¶» කාලයේ මායාවරු තමයි à¶‘à¶šà¶½ ලොව සිටි වඩාත්ම දියුණු තාරකා විද්‍යාඥයන් à¶¶à·€. එසේනම් à¶´à·Š‍රශ්නය "ඔවුන් මෙතරම් දැඩි උවමනාවෙන් විශ්වය නිරීක්ෂණය à¶šà·…à·š ඇයි? ඔවුන් සොයමින් සිටියේ කුමක්ද?"

මායාවරුන්ට අහසේ නිරීක්ෂණය කළ දේ ගැන, ඔවුන් තබාගත් දින දර්ශන අනුව ඉතා හොඳ දැනුමක් තිබුණා කියල පැහැදිලියි. සිකුරු උදේ තරුවක් ලෙසත්, සිකුරු සවස තරුවක් ලෙසත් පායන්නේ එකම තරුවක් බව තේරුම් ගැනීමේ හැකියාව මානව ඉතිහාසයේ ඉතා කලාතුරකින් සිදු වූ දෙයක්.

මායාවරුන් අදටත් භාවිතයේ පවතින ස්ථාන අගය (place value) සහ බිංදුව (zero) යන ගණිත පද්ධතියක් සොයාගත් එකම පුරාණ ජනතාව. ස්ථාන අගය සහ බිංදුව භාවිතා කිරීමෙන් විශාල ගණනය කිරීම් සහ ඉතා විශාල සංඛ්‍යා සඳහා ඉඩ සලසනවා.

à¶´à·Š‍රශ්නය තමයි 'මායාවරු තාරකා විද්‍යාව සහ ගණිතය à¶´à·’à·…à·’à¶¶à¶³ මේ තරම් à¶´à·Š‍රගුණතාවයක් තනිවම දියුණු කළාද? නැත්නම් සමහර ගවේෂණයන් විශ්වාස කරන පරිදි, මායාවරුන්ගේ à¶´à·Š‍රභූ පාලකයින්ට තරු ගමන් කරන්නන්ගෙන් (star travelers) උදව් ලැබුණා වෙන්න පුළුවන්ද?' කියන à¶‘à¶š.

'මායා' පුරාණ මෙසෝඇමරිකානු ශිෂ්ටාචාරයක්. ඔවුන් ගණිතය, තාරකා විද්‍යාව, සහ දින දර්ශන කලාව පිළිබඳව පුදුමාකාර දියුණුවක් ලබා සිටියා. ඔවුන්ගේ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ කොච්චර නිරවද්‍යද කියනවා නම්, අදටත් විද්‍යාඥයන් පුදුම වෙනවා.

ඔවුන් සිකුරු ග්‍රහයාගේ පරිභ්‍රමණය (orbital period), à¶’ කියන්නේ සිකුරු හිරු වටා à¶‘à¶šà·Š වටයක් යාමට ගතවන කාලය, ඉතාම නිවැරදිව ගණනය කරලා තිබුණා. මායා දින දර්ශන සහ ලේඛන වලට අනුව, ඔවුන් සිකුරු ග්‍රහයාගේ පරිභ්‍රමණ කාලය දින 584 à¶šà·Š ලෙස සටහන් à¶šà¶» තිබුණා. නවීන විද්‍යාවට අනුව සිකුරු ග්‍රහයාගේ සාමාන්‍ය පරිභ්‍රමණ කාලය දින 583.92 à¶šà·Š. මේ වෙනස දිනකටත් අඩුයි, à¶’ කියන්නේ ඉතාම සුළු වෙනසක්!

දැන් මෙතන තමයි à¶´à·Š‍රහේලිකාව තියෙන්නේ. මායාවරුන් මේ ගණනය කිරීම් කරලා තියෙන්නේ වසර 6,000à¶šà·Š වැනි දීර්ඝ කාලයක් පුරා සිදුවන සිකුරු ග්‍රහයාගේ චලනයන් පිළිබඳවයි. ඔවුන් දක්වා à¶­à·’à¶¶à·– නිරවද්‍යතාවය කොතරම්ද කියනවා නම්, මේ වසර 6,000 ඇතුළත ඇති වූ වෙනස පැය කිහිපයක් වැනි සුළු à¶´à·Š‍රමාණයක් පමණයි.

à¶’à¶­à·Š මෙතන à¶´à·Š‍රශ්නයක් තියෙනවා, මායා ශිෂ්ටාචාරය à¶šà·Š‍රි.à¶´à·–. 2000 විතර පටන් අරන්, à¶šà·Š‍රි.à·€. 1500 විතර වෙනකල් පැවතුණා කියලා සැලකුවත්, මේ වසර 6,000à¶šà·Š පුරාවටම à¶‘à¶š දිගටම සිකුරු ග්‍රහයා නිරීක්ෂණය කරලා à¶’ දත්ත à¶‘à¶šà¶­à·” කරන්න තරම් දීර්ඝ කාලයක් තනි මායා පුද්ගලයෙකු හෝ එකම පරම්පරා හෝ ජීවත් වුණේ නැහැ. මිනිස් ජීවිත කාලයක් à¶’ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 70-80à¶šà·Š වැනි තුළ මේ වගේ දීර්ඝකාලීන නිරීක්ෂණ කරලා, à¶’ සියුම් වෙනස්කම් තහවුරු කරන්නට බැහැ. à¶’ සඳහා පරම්පරා ගණනාවක් පුරා අඛණ්ඩව දත්ත රැස්කිරීමක් සහ විශ්ලේෂණයක් සිදුවිය යුතුයි.

උදාහරණයක් විදිහට, හිතන්න අද à¶…à¶´à·’ යම් ග්‍රහලෝකයක් ගැන දත්ත à¶‘à¶šà¶­à·” කරනවා කියලා. à¶…à¶´à·’à¶§ අවුරුදු 6,000à¶šà·Š එහා තියෙන වෙනස්කම් පැය කිහිපයකට සීමා කරන්න නම්, à¶’ සඳහා à¶…à¶°à·’-නිරවද්‍ය උපකරණ, පරිගණක සහ අඛණ්ඩව දත්ත රැස්කරන පද්ධති ඕනේ. එහෙම නැතුව හුදු ඇසින් හෝ සරල උපකරණ වලින් මේ තරම් නිරවද්‍යතාවයක් ලබාගන්නට බැහැ. මේකෙන් කියවෙන්නේ මොකක්ද?

මේ තරම් නිරවද්‍ය තාරකා විද්‍යාත්මක දැනුමක් මායාවරුන්ට තනිවම දියුණු කරගන්නට බැහැ කියලයි බොහෝ දෙනෙක් තර්ක කරන්නේ. ඔවුන්ට මේ දත්ත ලබාගැනීමට වසර දහස් ගණනක හෝ දස දහස් ගණනක නිරීක්ෂණ අවශ්‍ය වෙනවා...

සමහරු මේ තත්ත්වය පැහැදිලි කරන්නේ, මායාවරුන්ට මේ දැනුම තාරකා සංචාරකයන්ගෙන් (star travelers) එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන්ගෙන් ලැබෙන්න ඇති කියලයි.මායාවරුන් තමන්ගේ දෙවිවරුන්ගෙන් මේ තොරතුරු ලැබුණු බවට à¶´à·Š‍රකාශ à¶šà·…à·š, මේ පිටසක්වල අමුත්තන් ගැන කියල.

සරලව කිව්වොත්, මායාවරුන් සතුව à¶­à·’à¶¶à·– මේ විශ්මිත, නිරවද්‍ය දැනුම, ඔවුන්ගේ කාලයට වඩා බෙහෙවින් දියුණු වූ දෙයක්. ඔවුන්ට à¶’ දත්ත තමන්ගේම නිරීක්ෂණ වලින් පමණක් ලබාගත නොහැකි වූ නිසා, ඔවුන්ට වෙනත් මූලාශ්‍රයකින් à¶’ දැනුම ලැබුණා විය හැකි බවට එයින් ඉඟි කරනවා..

 

ටියෝටිහුකාන්

 

නුතන මෙක්සිකෝ නගරයට ඊසාන දෙසින් සැතපුම් 35à¶šà·Š දුරින් මධ්‍යම මෙක්සිකෝවේ, පුරාණ ටියෝටිහුකාන් (Teotihuacan) නගරයේ දැවැන්ත පුරාවිද්‍යා භූමියක් පිහිටා තියෙනවා.

à¶šà·Š‍රි.à¶´à·–. 100 දී පමණ ආරම්භ වී 07 වන සහ 08 වන සියවස් à¶…à¶­à¶» à¶‘à·„à·’ බිඳවැටීම දක්වා පැවති ටියෝටිහුකාන්, à¶‘à·„à·’ උච්චතම අවස්ථාවේදී 150,000 à¶šà¶§ à¶…à¶°à·’à¶š වැසියන් සිටි පුරාණ ලෝකයේ විශාලතම නගර වලින් à¶‘à¶šà¶šà·Š...

මේ නගරයට ඇතුළු වන විට ඇති 'මළවුන්ගේ වීදිය' සැතපුම් ගණනක් දිවෙන, නවීන සැලසුමක් මෙන් යුතු මාවතක් නිසා එය වහාම ගවේෂකයන්ගේ මනස ආකර්ෂණය කර ගන්නවා. ඒ දිගේ පුරාණ ලෝකයේ ගොඩනගන ලද විශාලතම ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තියෙනවා.

විද්වතුන්ට අනුව, ටියෝටිහුකාන්හි දියුණු නගර සැලසුම පෙන්නුම් කරන්නේ පුරාණ නිර්මාණකරුවන්ට නගර නිර්මාණ ශිල්පය පිළිබඳව පමණක් නොව, 'සංකීර්ණ ගණිතය' පිළිබඳව ද හොඳ දැනුමක් තිබූ බව!

අහසින් බලන විට, à¶’ නගරයේ පිරිසැලසුම à¶…à¶´à·š ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරුවකට සමානයි. à¶‘à·„à·’ විශාල à¶´à·Š‍රොසෙසර් à¶ à·’à¶´à·Š දෙකක් මෙන් සූර්ය පිරමීඩය සහ සඳ පිරමීඩය පිහිටා තියෙනවා. පර්යේෂකයන් ඊජිප්තුවේ මහා පිරමීඩ සමඟ ඒවායේ බොහෝ කැපී පෙනෙන සමානකම් සොයාගෙන තියෙනවා.

ගීසාහි කුෆුගේ මහා පිරමීඩයට සහ ටියෝටිහුකාන්හි සූර්ය පිරමීඩයට දළ වශයෙන් එකම පාදය තියෙනවා, එය වර්ග à¶…à¶©à·’ 750 à¶šà¶§ ආසන්නයි. සූර්ය පිරමීඩයේ පාද පරිමිතිය à¶‘à·„à·’ à¶‹à·ƒ මෙන් π ගුණයක් වන à¶…à¶­à¶», ගීසාහිත් එය à¶‹à·ƒ මෙන් π ගුණයක්. පුදුමය දනවන දේ නම් ඇත්ත වශයෙන්ම සූර්ය පිරමීඩය, ගීසා පිරමීඩයේ උසින් හරියටම à¶…à¶©à¶šà·Š පමණයි.

ටියෝටිහුකාන්හි වඩාත් කුතුහලය දනවන කරුණක් නම්, පුරාවිද්‍යාඥයින් විසින් à¶‘à·„à·’ බොහෝ ව්‍යුහවල මයිකා (mica) බහුලව භාවිතා කිරීම සොයා ගැනීමයි. මේ ඛනිජය එයින් සැතපුම් 3,000 à¶šà·Š ඈතින් à¶¶à·Š‍රසීලයෙන් පමණයි සොයාගන්න පුළුවන් වෙන්නේ.

මේ මයිකා à¶‘à·„à·’ සියලුම ගොඩනැගිලිවල, නිවාස සංකීර්ණවල, දේවාලවල සහ මාර්ග දිගේ දක්නට ලැබෙනවා. එය හැම තැනම තියෙනවා. මේ මයිකා à¶­à·„à¶©à·” සමහරවිට à¶¶à·Š‍රසීලයේ, ඒවා à¶­à·’à¶¶à·– à¶´à·Š‍රභවයේ සිට සැතපුම් දහස් ගණනක් à¶´à·Š‍රවාහනය à¶šà¶» තිබෙනවා. à¶´à·Š‍රශ්නය නම්, ඔවුන්ට එහෙම කරන්න à¶•à¶± වුණේ ඇයි?

මයිකා ගොඩනැගිලි සැරසිලි සඳහා වැදගත් නැහැ, මයිකා විදුලිය සම්ප්‍රේෂණයට à¶´à·Š‍රතිරෝධය දක්වන පරිවාරකයක්. එය à¶…à¶°à·’à¶š à¶‹à·‚à·Šà¶«à¶­à·Šà·€ වලදීද ස්ථාවරව පවතිනවා, à¶’ වගේම උෂ්ණත්වයට සහ විද්‍යුත් විසර්ජන වලට ඔරොත්තු දෙනවා. පුරාණ නිර්මාණකරුවන්ට මයිකා ඇතුළත් කිරීමට ඉතා නිශ්චිත හා හොඳ හේතුවක් තිබෙන්නට ඇති à¶¶à·€ පැහැදිලියි. එසේනම් ඔවුන් මෙය කිරීමට ඇති එකම හේතුව වන්නේ එය "යම් තාක්ෂණයක" කොටසක් වීමයි.

මේ පුදුමාකාර තොරතුරු ගැන මොකද හිතන්නේ?

සමහරවිට මේ දැනුම පිටසක්වල අමුත්තන් විසින් පෘථිවියට ගෙනැවිත් මිනිසුන්ට ලබා දුන්නා වෙන්න පුළුවන්ද? මේ අදහස සිදුවිය නොහැක්කක් නෙවෙයි, බොහෝ දුරට සිදුවිය හැකි දෙයක්.

උදාහරණයට සුමේරියානු සංස්කෘතියට දෙවිවරුන් ලෙස පැමිණි, අනූනාකි (Anunnaki), ඔවුන්ට 12 මත පදනම් වූ ගණිත පද්ධතියක් ලබා දුන්නා. මේ 12 අංකය දවසක පැය 12, අඩියක අඟල් 12, සහ දුසිමක 12 වැනි ලෙස මානව ඉතිහාසය පුරාම පුනරුච්චාරණය වෙනවා. එසේනම් වසර දහස් ගණනක් තිස්සේ කවුරුන් හෝ මිනිසුන් අවදි කිරීමට උත්සාහ කර ඇති බවක් පෙනෙනවා, එතකොට ඔවුන් දැන් එහෙම කරන්නේ නැද්ද ?

ශ්‍රීනිවාස රාමානුජන් කියන්නේ ලෝක ඉතිහාසයේ කිසිම ගණිතඥයෙකුට දෙවැනි නොවන ඉන්දියානු බුද්ධිමතෙක්. 2012 දෙසැම්බරයේ ඇට්ලන්ටාහි එමරි විශ්ව විද්‍යාලයේදී, ගණිතඥ කෙන් ඕනෝ සහ ඔහුගේ සිසුන් දෙදෙනෙක් වසර ගණනාවක වැඩ කිරීමෙන් පසුව, විද්‍යාඥයින්ට à¶šà·…à·” කුහර (black holes) සම්පූර්ණයෙන්ම නව ආකාරයකින් à¶…à¶°à·Š‍යයනය කිරීමට ඉඩ සලසන à¶…à¶­à·’ නවීන ගණිතමය සූත්‍රයක් ඉදිරිපත් කළා. පුදුමයට කරුණක් නම්, ඔවුන් මේ කාර්යය ඉටු කරගෙන තියෙන්නේ දශක නවයකට පෙර ඉන්දියානු ගණිතඥ ශ්‍රීනිවාස රාමානුජන් විසින් ලියන ලද තනි ඡේදයක් à¶…à¶°à·Š‍යයනය කිරීමෙන්!

රාමානුජන්ගේ වැඩ කටයුතු සුපර්ස්ට්‍රිං න්‍යාය (superstring theory) සහ බහුමාන à¶·à·žà¶­à·’à¶š විද්‍යාව (multidimensional physics) සඳහා පදනම සකස් කරලා තියෙනවා. විද්‍යාඥයන් අදටත් භාවිතා කරන උසස්ම ගණිතයට අදාළ මොඩියුලර් ශ්‍රිත (modular functions) ලෙස හඳුන්වන à¶…à¶­à¶», ඒවාත් රාමානුජන්ගේ ඉදිරිපත් කිරීම්! නමුත් වඩාත්ම කැපී පෙනෙන දෙය නම්, රාමානුජන් මේ පුදුම සහගත à¶´à·Š‍රමේයයන් ඔහුගේ නිෂ්පාදනයක් නොවන à¶¶à·€ අවධාරණය කිරීමයි.

1887 දෙසැම්බර් 22 වෙනිදා ඉන්දියාවේ ඊරෝඩ්හි à¶‹à¶´à¶­ ලැබූ ශ්‍රීනිවාස රාමානුජන්, ඔහුගේ මවගේ දරුවන් à·„à¶­à¶» දෙනාගෙන් ළදරු වියේදී මරණයෙන් බේරුණු එකම දරුවා වූ නිසා, පවුලේ අය ඔහු ආශ්චර්යමත් දරුවෙකු ලෙස සැලකුවා. කුඩා කාලයේ පටන්ම ඔහු à¶…à¶‚à¶š ගැන දැඩි කුතුහලයක් තිබුණා. ඔහු කුඩා à¶šà¶½ සිටම ස්වභාවිකවම à¶…à¶‚à¶š ගැන සිතමින්, ගණනය කරමින්, ඒවා ගැන වශී වී සිටියා. ඔහුට අනුව à¶…à¶‚à¶š වලටත් පෞරුෂයක් සහ ජීවයක් තිබුණා.

ඔහු ගණිතය කෙරෙහි කෙතරම් අවධානය යොමු කළාද කියනවා නම්, ඔහු තම අනෙකුත් විෂයයන් බොහෝමයක් නොසලකා හැරියා.

රාමානුජන් හැදී වැඩුණේ කුම්බකෝනම් නගරයේ, සෙරන්ගපානි කෝවිල පෙනෙන සාමාන්‍ය නිවසක. à¶’ නිසා ඔහුගේ ළමා කාලයෙන් වැඩි කොටසක් ගත à¶šà·…à·š එම කොවිලේ හින්දු දෙවිවරුන්ගේ දහස් ගණනක්ගේ කැටයම් අතරයි.

රාමානුජන්ගේ ළමා කාලයේ මිතුරන්ට අනුව, ඔහු බොහෝ විට කෝවිලට ගොස් ගණිත à¶…à¶·à·Š‍යාස කරමින් සිටියා. à¶’ සමහර විට නිවසට à·…à¶œ ඉගෙනීමට සුදුසු පරිසරයක් à¶‘à·„à·’ තිබීම හා එතැන පුජාවට à¶‘à¶± අයගෙන් ළමයින්ට පළතුරු කැවිලි ලැබුණ නිසා විය යුතුයි. රාමානුජන් ඔහුට ඔහුගේ ගණිතමය සොයාගැනීම් සහ සූත්‍à¶» සිහිනෙන් හෝ දර්ශන මගින් ලැබුණු à¶¶à·€ ඔහු නිතරම à¶´à·Š‍රකාශ කළා. ඔහු මේ සියලු දැනුමට හිමිකම් කීවේ නමගිරි තායර් (Namagiri Thayar) නම් හින්දු දේවතාවියටයි.

 

'නමගිරි තායර්' යනු කවුද?

 

නමගිරි තායර් යනු හින්දු ආගමේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ වැඳුම් පිදුම් ලබන දේවතාවියක්. ඇය ලක්ෂ්මී දේවියගේ à¶‘à¶šà·Š ස්වරූපයක් ලෙස සැලකෙන à¶…à¶­à¶», විෂ්ණු දෙවියන්ගේ නරසිංහ අවතාරය හා සම්බන්ධයි. නමගිරි තායර් à¶´à·Š‍රධාන වශයෙන්ම වන්දනාමාන කරනු ලබන්නේ නමකල් (Namakkal) à·„à·’ à¶´à·’à·„à·’à¶§à·’ ලක්ෂ්මී නරසිංහ ස්වාමි කෝවිලේදීයි.

ශ්‍රීනිවාස රාමානුජන්, නමකල් à¶´à·Š‍රදේශයට අයත් බැතිමත් හින්දු පවුලක හැදී වැඩුණා. ඔහු කුඩා à¶šà¶½ සිටම ඔහුගේ පවුලේ දේවතාවිය ලෙස නමගිරි තායර්ට නිරන්තරයෙන් වන්දනාමාන කළා. ඔහුට අනුව, ඔහුගේ ජීවිතයේ වැදගත්ම ගණිතමය සොයාගැනීම් සියල්ලම පාහේ ලැබුණේ නමගිරි දේවතාවිය සිහිනෙන් හෝ දර්ශන මගින් ඔහුට පෙනී සිටිමින් ඒවා අනාවරණය කිරීමෙන් පසුවයි.

රාමානුජන් කියා සිටියේ, à¶’ දර්ශන වලදී රුධිරයෙන් සෑදූ රතු තිරයක් දිස්වන බවත්, පසුව එම තිරය මත අතකින් සංකීර්ණ ගණිතමය සූත්‍à¶» ලිවීමට පටන් ගන්නා බවත්ය. ඔහු මේ කිසිදු සූත්‍රයක් තනිවම සොයා නොගත් බවත්, ඒවා දේවතාවියගේ අනුග්‍රහය නිසා ලැබුණු බවත් à¶´à·Š‍රකාශ කළා.

රාමානුජන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ, ඔහු එංගලන්තයට ගණිතය ඉගෙනීමට යාමට පෙරයි. ඇත්තටම ඔහුට එංගලන්තයට යාමට අවස්ථාව ලැබුණේ ද, ඔහුගේ ඉදිරිපත් කිරිම් වලින් ඔවුන් පුදුම වූ නිසයි.

ඔහුට එදා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණත්, à¶¶à·Š‍රාහ්මණ චාරිත්‍à¶» වාරිත්‍à¶» අනුව මුහුදෙන් විදේශ ගතවීම තහනම් වූ නිසා, ඔහු මුලින් එයට à¶‘à¶šà¶Ÿ වුණේ නැහැ. නමුත් පසුව, සිහිනයකින් නමගිරි දේවතාවිය පෙනී සිට, ඔහුට එංගලන්තයට යාමට අවසර දුන් බවට කතා පැවත එනවා.

නමගිරි තායර් දේවතාවිය, රාමානුජන්ගේ ජීවිතයට සහ ඔහුගේ අතිවිශිෂ්ට ගණිතමය දක්ෂතාවයට සෘජුවම බලපෑ à¶¶à·€ විශ්වාස කෙරෙනවා. ඔහුගේ විශ්වාසයන් තුළින්, ගණිතය සහ à¶…à¶°à·Š‍යාත්මිකත්වය එකිනෙකට බැඳී පවතින බවක් පෙනී යනවා. සමහර අය මෙය සරල භක්තියක් ලෙස දුටුවත්, සමහර අය විශ්වාස කරන්නේ, රාමානුජන්ට මේ දැනුම ලැබුණේ පිටසක්වල බලවේගයක් මගින් විය හැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, නමගිරි දේවතාවිය රාමානුජන්ගේ ආගමික සහ සංස්කෘතික පසුබිම අනුව ඔහුට හුරුපුරුදු ස්වරූපයක් ගත් පිටසක්වල ජීවියෙකු වීමට ඉඩ ඇති බවයි.

මේ අදහස, මනුෂ්‍ය වර්ගයාට ගණිතය වැනි දියුණු දැනුමක් ලබා දුන්නේ පිටසක්වල ජීවීන් විය හැකි බවට වන පුළුල් න්‍යායට සම්බන්ධයි. ඉතින්, නමගිරි තායර් කියන්නේ, හින්දු බැතිමතුන්ට භක්තියේ සංකේතයක් වන අතරම, ලෝකයේ විශිෂ්ටතම ගණිතඥයෙකුගේ අභිරහස් දක්ෂතා පිටුපස සිටි "ආශ්චර්යමත් මූලාශ්‍රය" ලෙසත් සැලකිය හැකියි.

මේ වගේ තවත් සාක්ෂි තියෙනව à¶´à·Š‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තියෙනවා පුරාණ ලෝකයේ තිබුණු වැදගත්ම නීති සංග්‍රහය. à¶’à¶š තියෙන්නේ ශිලා ස්ථම්භයක (stela) කැටයම් කරලා. à¶‘à·„à·’ කැටයමක බැබිලෝනියානු දෙවියෙක් වන 'ෂමාෂ්' හමුරාබි රජුට කතා කරනවා පෙන්වනවා. ඔවුන්ට පහළින් කියුනිෆෝම් කියන à¶…à¶šà·Šà·‚à¶» වලින් මිනිසුන්ට දුන්න නීති ලියලා තියෙනවා. මේක තමයි අද 'හම්මුරාබිගේ නීති සංග්‍රහය' (Code of Hammurabi) කියලා හඳුන්වන්නේ, අද තියෙන නීති à¶‘à¶šà·Šà¶š බලන කොට මේක à¶§à·’à¶šà¶šà·Š පැරණි ලියවිල්ලක් තමයි.

à¶’à¶­à·Š à¶‘à·„à·’ සම්පූර්ණ à¶šà·Š‍රමවේදයක් තිබුණා. නගර පාලනය කරන හැටි, බදු à¶‘à¶šà¶­à·” කරන හැටි, විවිධ සිවිල් නීති, à¶’ වගේම à¶´à·Š‍රසිද්ධ "ඇසකට ඇසක්" කියන දඬුවම මේකේ තිබුණා. මේ දඬුවම පස්සේ කාලෙක වෙනස් වුණත්, එයාට නීති පද්ධතියක් තිබුණා. හැමුරාබිගේ නීති සංග්‍රහය පටන් ගන්නේ හැඳින්වීමකින්...

à¶‘à¶­à¶± රජු තමන්ගේ මහා à¶šà·Š‍රියා ගැන පුරසාරම් දොඩනවා. à¶’à¶­à·Š එයා ලියනවා මේ නීති සංග්‍රහය නම් එයාට නියම à¶šà·…à·š බැබිලෝනියානු දෙවියෙක් වන ෂමාෂ් කියලා...

දවසක් හැමුරාබි රජු සමාධි ගත වෙලා ඉන්න කොට දෙවියන් මේ අතිවිශිෂ්ට ලේඛනය නියම කරන්න පටන් අරගෙන තියෙනවා. රජු තමන්ගේ නොවන අමුතු හඬකින් මේවා කියනවා, හම්මුරාබි සිහියට ආවට පස්සේ රජු කියපුවා ලියපු අය, හම්මුරාබිට ඒක ආයෙත් කියවලා පෙන්නනවා. ඒත් එයාට මතකයක් නැහැ මේවා ඒයා කිව්වා කියලා, අමුතුයි නේද ?

වැදගත් කොටස තමයි à¶’ නිසා තමයි හැමුරාබි මේකේ කර්තෘත්වය තමන්ට අයිතියි නැහැ කියල කිව්වේ. එයා දැනගෙන හිටියා මේක එයාගේ නිර්මාණයක් නෙවෙයි, එයාගේ බුද්ධියෙන් ආව දෙයක් නෙවෙයි කියලා. හැමුරාබිගේ නීති සංග්‍රහයෙන් à¶‘à¶± නීති පද්ධතිය සමාජයක් පාලනය කරන ආකාරය ගැන තියෙන මූලික සදාචාරාත්මක අවබෝධයන්ට කොච්චර සමීපද කියනවා නම්, ඒකෙන් ගොඩක් දේවල් අදටත් à¶…à¶´à·š නූතන නීති පද්ධතියෙත් යම් ආකාරයකින් තියෙනවා. මේකෙන් කියවෙන්නේ හැමුරාබිගේ 'නීති සංග්‍රහය' ඇවිත් තියෙන්නේ හරිම දියුණු මූලාශ්‍රයකින් වෙන්න පුළුවන් කියන à¶‘à¶š!

හැමුරාබිගේ කතාව වගේ කතා ලෝකය පුරා තියෙනවා. 'genius' කියන ලතින් වචනයෙන් තමයි 'genii' (ජිනී) එහෙමත් නැත්නම් අද්භූත සත්වයා කියන වචනයත් එන්නේ. ඔබට මේ ජිනී à¶‘à¶šà·Šà¶š සම්බන්ධයක් තිබුණා, ඔබේ දක්ෂතාවේ මූලාශ්‍රය වුණේ à¶’à¶š. ඔබ හුදෙක් මාධ්‍යයක් වුණා. ඔබ සත්කාරකයෙක් වුණා නැත්නම් ඔබ à¶’à¶šà¶§ සම්බන්ධ වුණා පමණයි. එහෙනම් 'දෙවියන්' ආදී සංකල්ප වලට ආරෝපණය à¶šà·… මේ දැනුම ඇත්තටම පිටසක්වල මූලාශ්‍රයකින් ආවා වෙන්න බැරිද ?

පුරාණ ලෝකයේ මිනිස්සු තදින්ම එහෙම විශ්වාස කළා විශේෂ සිතුවිලි, විශේෂ Inspiration, ජීනියස් වගේ අදහස් එනකොට ඒවා ආවේ තමාගේ තුළින් නෙවෙයි තමාට පිටතින් කියලා. සමහර වෙලාවට හිතල බලන්න, අපට එන සමහර අපුරු අදහස් අපේ මොළයට පිටතින් එන සිතුවිලි වර්ගයක්ද කියලා.

මම පහුගිය කාලේ ජීවිත කතා ගොඩක් කියෙව්වා à¶’ ගැන ලිව්වා, නූතන ජීනියස්ලාත් පිටසක්වල ලෝකයකින් දැනුම ලබාගත්තාද කියල මට හිතෙනව. මොකද අයින්ස්ටයින්ට එයාගේ සාපේක්ෂතාවාදය à¶´à·’à·…à·’à¶¶à¶³ විප්ලවීය න්‍යාය ගැන අදහස ලැබුණේ සිහිනයකින්. à¶’ වගේම ෆ්‍රීඩ්රික් ඔගස්ට් කෙකුලේ benzene molecule (බෙන්සීන් අණුවේ) නිශ්චිත හැඩය සොයාගත්තේ දිවා සිහිනයකදී. එයා දැක්කලු සර්පයෙක් තමන්ගේ වලිගය හඹාගෙන යන හැටි!

දක්ෂ රුසියානු රසායන විද්‍යාඥ දිමිත්‍රි මෙන්ඩලීව් මූලද්‍රව්‍ය ආවර්තිතා වගුව (periodic table) දැක්කෙත් සිහිනෙන්. එයා සිහිනයෙන් දැක්කා හරියටම මූලද්‍රව්‍ය සියල්ල පෙළ ගැහෙන හැටි. ආවර්තිතා වගුව සිහිනයකින්ම සම්පූර්ණයෙන් නිර්මාණය වෙලා එයාට ලැබුණා. සිහිනෙන් ඇහැරුණාට පස්සේ එයා ඉක්මනට à¶’ හැම එකක්ම ඇඳගත්තා. අදටත් à¶…à¶´à·’ පාවිච්චි කරන්නේ à¶’à¶š. ඔව්, ලංකාවේ à¶…à¶´à·’à¶­à·Š à¶…à¶» පාඩම් à¶šà·…à·š à¶‘à¶š තමයි.

අනෙක කාලෙන් කාලෙට මේ හරහා දිවෙන සම්බන්ධතාවකුත් මම දකිනවා, ඒක තමයි මිනිස් නවෝත්පාදනයන් කලින් තීරණය කරපු සැලැස්මකට අනුව, නිශ්චිත ඉලක්කයක් වෙනුවෙන් යොමු වෙන බව! "ඒ කියපු දේ හරියට පැහැදිලි වුණේ නෑ නේද ?" එහෙනම් මේ සිදුවීම අහන්න.

වොෂින්ටන් à¶©à·“.සී. වල 1876 පෙබරවාරි 14 වෙනිදා ඔව් වැලන්ටයින් දවසේ, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයෙක් ඇමරිකානු පේටන්ට් කාර්යාලයට පේටන්ට් ඉල්ලුම්පත්‍රයක් භාර දෙනවා. මේකෙන් විස්තර කරන්නේ 'harmonic telegraph' à¶‘à¶šà¶šà·Š à¶’ කියන්නේ හඬ සම්ප්‍රේෂණය කරන්න පුළුවන් උපකරණයක් ගැන.

හැබැයි, පුදුමේ කියන්නේ මේක තමයි එදිනම à¶’ සදහා ඉදිරිපත් à¶šà·… දෙවෙනි පේටන්ට් අයදුම් à¶´à¶­à·Š‍රය. මේක පස්සේ කාලෙක "දුරකථනය" කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් දුරකථනය හැදුවේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා තමයි කියන්නේ. à¶’à¶­à·Š කුතුහලය දනවන කාරණය තමයි එලිෂා ග්‍රේ (Elisha Gray) කියලා කෙනෙකුත් හරියටම à¶’ කාලයේම මේ හා සමාන උපකරණයක් හදලා තියෙන à¶‘à¶š.

බෙල් සහ ග්‍රේ දෙන්නම චෝදනා කළා අනිත් කෙනා තමන්ගේ අදහස් හොරකම් කළා කියලා, à¶’à¶­à·Š තර්කයක් නැහැ, මේ ජීනියස්ලා දෙන්නාම අවුරුදු ගාණක් තිස්සේ ස්වාධීනව දුරකථනය කියන සංකල්පය දියුණු කරමින් හිටියා කියන à¶‘à¶š. à¶’à¶­à·Š මෙහෙම විප්ලවීය අදහසක්, දෙන්නෙකුට, ඉතිහාසයේ හරියටම එකම මොහොතේ à¶´à·„à·… වුණේ කොහොමද ?

මොකද මේ වගේ පේටන්ට් එකක් කලින් ලෝකේ කොහෙවත් දාලා තිබුණේ නැහැ. එහෙම තියෙද්දී, එකම දවසේ දෙකක් ඉදිරිපත් වෙනවා? මෙකේ පුදුම හිතෙන කතාව එය නෙවෙයි, මේ දෙන්නට විතරක් නෙවෙයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. මේක ස්වාධීන සමකාලීන සොයාගැනීම් වලට ගොඩක් වෙලාවට වෙන දෙයක්.

වැලස් (Wallace) සහ ඩාවින් දෙන්නම පරිණාමය (evolution) ස්වාධීනව හොයාගත්තා.. කැල්කියුලස් (calculus) හොයාගත්තෙත් දෙන්නෙක් ස්වාධීනව.. ඔක්සිජන් (oxygen) හොයාගත්ත කිහිප දෙනෙක් ඉන්නවා.. බැලුවම මේක පුදුම විදිහට පොදු සංසිද්ධියක්.

à¶’ කියන්නේ බොහෝ නව නිපැයුම් පිටුපස හිටිය ජීනියස්ලා උපතින්ම නැති වෙලා තිබුණත්, ඔවුන්ගේ සොයාගැනීම් ඉතිහාසයෙන් නැති වෙන්නේ නැහැ. සරලව කිව්වොත් මෙකෙන් කියන්නේ ශිෂ්ටාචාරයට යම් කිසි දෙයක් යම් කිසි වෙලාවක ඉදිරිපත් කරන්න තියෙනවා නම්, à¶’à¶š කොහොමහරි ඉදිරිපත් වෙනවා කියන à¶‘à¶š! දැන් à¶´à·Š‍රශ්නය 'කොහොමද එහෙම වෙන්නේ?'

විශ්වයේ තියෙන සාමූහික දැනුමට (collective knowledge) සමහරු කියනවා Akashic Record කියල. පිටසක්වල ජීවීන් අපේ ශිෂ්ටාචාරය හැඩගස්වන්න ඒක පාවිච්චි කරනවද?

අපි හැමෝම මේ 'විශ්ව දැනුමේ ගබඩාවට' සම්බන්ධ වෙලා ඉන්නවා නම්, ජීනියස්ලා කියන්නේ ඒකෙන් වැඩිපුර ටිකක් බලන්න පුළුවන් වුණු අයද ?

පිටසක්වල ජීවීන් à¶…à¶´à·’à¶§ සම්පූර්ණයෙන් à¶´à·Š‍රඥාවන්ත වෙන දවසක් කරා මග පෙන්වනවා වෙන්න පුළුවන්ද? පිටසක්වල ජීවීන් à¶…à¶´à·š එම පරිණාමය නිසි විදිහට සිද්ධ වෙනවා කියලා සහතික කරගන්න අවශ්‍ය මෙවලම්, à¶…à¶´à¶§ à¶’ à¶’ අවශ්‍ය වේලාවට ලබාදෙනවාද?

ඒ කියන්නේ අවසානයේ අපි පිටසක්වල ජීවීන්ව මුහුණට මුහුණ හමුවෙන්න සහ ඔවුන් එක්ක සමාන අය විදිහට කටයුතු කරන්න සූදානම් වෙනවා. මම හිතනවා ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒක වෙන්න ඇති!

දැනටමත් à¶…à¶´à·’ කතා කරපු ගොබෙක්ලි ටෙපේ, සාක්සේවාමන්, නාන් මාඩෝල් ආදී ස්ථාන à¶…à¶´à·š සාම්ප්‍රදායික අවබෝධයට අභියෝග කරනවා. මේවා ගැන ජායාරූප විඩියෝ හා තවත් විස්තර ඔබට මේ තොරතුරු යුගයේ ඕනෑ තරම් සොයාගත හැකියි. මා මෙහි ලිව්වේ ඒවා ගැන ඉතා කෙටි සටහනක් පමණයි. මේවායින් පෙනී යන්නේ මානව ඉතිහාසයේ à¶…à¶´ නොදන්නා තවත් ඉතා වැදගත් පරිච්ඡේද තිබුණු à¶¶à·€ සහ à¶…à¶´ ඒවා පසුකර ආ à¶¶à·€!

එසේම මෙම නිරීක්ෂණ මගින් à¶…à¶´à¶§ ලබා දෙන වැදගත්ම පණිවුඩය තමයි විවෘත මනසක් තබාගැනීමේ වටිනාකම! "අන්ධ විශ්වාසය" වගේම පවතින දැනුම මත පමණක් පදනම්ව අදහස් "අන්ධ ලෙස à¶´à·Š‍රතික්ෂේප කිරීම"ද à¶‘à¶š ලෙස පසුගාමීයි.

 

 

Advertiesment